ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා රාජකාරී කටයුතු ආරම්භ කිරීම

2024-11-22 | News

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා රාජකාරී කටයුතු ආරම්භ කිරීම

2024 නොවැම්බර් 20 දින වරාය අංශයේ දී ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ අමාත්‍ය ධුරයෙහි බිමල් නිරෝෂන් රත්නායක මැතිතුමා අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා යන අංශයන්හි අතිරේක ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අමතමින් ගරු අමාත්‍යතුමා විසින් ජනතාවාදී කාර්යක්ෂම හා නවීකරණය වූ රාජ්‍ය සේවයක් බිහිකිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් රට නගා සිටුවීමේ අරමුණින් සිදුකරනු ලබන කටයුතු සඳහා සියලුම නිලධාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරන ලදී.

Photos