දිවයිනේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් “මඟ නැගුම” ග්‍රාමීය මාර්ග වැඩසටහන ලෙස ග්‍රාමීය මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය යටතේ 2004 වර්ෂයේදී ආරම්භ විය. වරින් වර විවිධ නම් යටතේ එනම්, මඟනැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන, රන්මාවත් වැඩසටහන, සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ලෙස මෙය ක්‍රියාත්මක විය.
වර්ෂ 2020 දී 2020.08.09 දිනැති අංක 2187/27 දරණ ගැසට් නිවේදනය මඟින් ග්‍රාමීය මාර්ග හා අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත විය. වර්ෂ 2022 දී 2022.05.27 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් නැවත රාජ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතට ගැනුණි.
වර්තමානයේදී එය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අංශයක් ලෙස ක්‍රියාත්මක වේ.
ග්‍රාමීය මාර්ග අංශය යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සහ ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදන මත විධිමත් ක්‍රමවේද ඔස්සේ, එනම් කොන්ක්‍රීට් ඇතිරීම, අන්තර් සම්බන්ධිත කුට්ටි ගල් ඇතිරීම, කාපට් ඇතිරීම, තාර දැමීම හා බොරළු ඇතිරීම යන ක්‍රමවේද ඔස්සේ ග්‍රාමීය මාර්ග වැඩසටහන ක්‍රියාත්මක වේ.
සියළු ම සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක වේ.