කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ උත්තරානන්ද මාවත ගුවන් මඟ ජනතා අයිතියට
2024-04-10 | News
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවීමෙන්, කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීම උදෙසා කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් අවසන් කළ පළමු ගුවන් පාලම වන උත්තරානන්ද මාවත ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම, විෂයයභාර ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2014.04.08 දින සිදු කෙරුණි.
සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 527 කට අධිකය. ඉතා කාර්ය බහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ආශ්රිත ප්‍රදේශයේ රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතන රැසක් පිහිටා ඇත. එමෙන් ම, දුම්රිය හරස් මඟ හේතුවෙන් දෛනිකව පැය 03 කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී ඇත. එම ප්‍රමාදය මඟහරවා ගනිමින් කාර්යක්ෂම ප්‍රවාහන හා ගමනාගමන සේවයක් ලබා දීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පාලම් ව්‍යාපෘතිය සිදු කෙරේ. මීටර් 322 ක දිගින් හා මීටර් 9.8 ක පළලින් යුත් මෙම පාලම මංතීරු දෙකකින් නිර්මාණය කර ඇත. මෙම පාලමට අමතරව විනිසුරු අක්බාර් මාවත ගුවන් පාලම සහ එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කෙරෙන ශාඛා ගුවන් පාලමක් ඉදිකිරීම සමස්ත ව්‍යාපෘතියේ සැලසුමකි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් මඟින් සිදු කරනු ලබයි.